Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය විනාශ කළ පාර්ශවයන්ට සිය අභිමතය පරිදි හැසිරීමට ඉ‍ඩ ලබා නොදිය යුතු බව චීන‍ය පවසයි
2023-02-22 14:56:10
Share with:

රුසියාවේ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ, පසුගිය සැප්තැම්බර් මාසයේ සිදුවූ ‘Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය’ පිපිරීම පිළිබඳව විවෘත සමුළුවක් ඊයේ(21) පැවැත්විණ. එම මාර්ගය විනාශයට පත් කිරීමේ හේතුව හා එයට වගකිවයුතු පාර්ශ්වයන් පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චාං ජුන් මහතා එහි දී ප්‍රකාශ කළේය.

විනාශයට පත් Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන යටිතල පහසුකමක් වන අතර ගෝලීය බලශක්ති හුවමාරුවේ ප්‍රධාන වාහකයකි .එය විනාශ වීමෙන් ගෝලීය බලශක්ති වෙළඳපොලට හා ජෛව පරිසරයට ප්‍රබල ඍණාත්මක බලපෑමක් එල්ල වූ බව ද ඔහු පැවසීය.

අන්තර්ජාතික යටිතල පහසුකම් පද්ධතියේ ආරක්ෂාවටත් සෑම රටකම අවශ්‍යතා සමඟත් සෘජුව එය සම්බන්ධ වන නිසා, මෙම සිද්ධිය පිළිබඳ විෂය මූලික, සාධාරණ හා වෘත්තීමය සමීක්ෂණයක් සිදු කර වගකිවයුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම හා එහි ප්‍රතිඵල කඩිනමින් අනාවරණය කිරීම වඩා වැදගත් බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම