අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය හෙට (23) විවාදයට
2023-02-22 15:44:19
Share with:
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය හෙට (23) විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ය.
විවාදය 23 වැනිදා උදේ 9.30 සිට සවස 5.00 දක්වා පැවැත්වෙනු ඇත. විදුලි සැපයුම සම්බන්ධ සියලු සේවා, ඛනිජතෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හා බෙදාහැරීම මෙන්ම සෞඛ්‍ය සේවාවට අදාළ සියලු කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.