බහුපාර්ශ්වික රාමුවක් තුළ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය සහ රුසියාව එකඟ වෙයි
2023-02-22 09:29:10
Share with:

බහුපාර්ශ්වික රාමුවක් තුළ සහයෝගීතාවය ශක්තිමත් කිරීමට සහ ගෝලීය පාලනය වැඩි දියුණු කිරීම උදෙසා අඛණ්ඩව කටයුතු කිරීමට චීනය සහ රුසියාව ඊයේ(21) එකඟ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ අධ්‍යක්ෂ වං යී සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev යන මහත්වරුන් අතර මොස්කව්හි දී පැවති සාකච්ඡාවක් අතරතුර මෙම එකඟතාවයට පැමිණ ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ  ද සාමාජිකයෙකු වන වං යී මහතා සහ Patrushev මහතා දෙරට අතර පවතින උපායමාර්ගික ආරක්ෂක උපදේශන යාන්ත්‍රණයට නායකත්වය ලබා දෙමින් ක‍ටයුතු කරති.

මෙහි දී වර්තමාන ජාත්‍යන්තර උපායමාර්ගික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දෙපාර්ශවයම සැබෑ  බහුපාර්ශ්විකවාදය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කෙරිණ. එමෙන්ම සියලු ආකාරයේ ඒකපාර්ශ්වික හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමටත්,පවතින ජාත්‍යන්තර සබඳතා සහ බහු ධ්‍රැවීය ලෝකයක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමටත් ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කෙරිණ.

ආසියා පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය තිරසරව පවත්වාගෙන යාමේ වැදත්කම සහ, විවිධ පාර්ශවයන් සහ මතවාද අතර පවතින ගැටුම් හරහා සීතල යුද මානසිකත්වය හඳුන්වා දීමට දරන උත්සහයට විරුද්ධ විය යුතු බවත් දෙපාර්ශවයම අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම