මානවයන් ගේ ආරක්ෂාව පොදුවේ සුරක්ෂිත කරන ගෝලීය ආරක්ෂක මුලපිරුම
2023-02-22 10:25:15
Share with:

ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් චීනය ක්‍රියාකාරී විසඳුමක් ඉදිරිපත් කරයි

මෑත වසර කිහිපය තුළ ලෝකය වඩාත් නොසන්සුන් මෙන්ම අනාරක්ෂිත තත්ත්වයක පවතින බව ජගත් ප්‍රජාවේ පොදු හැඟීම බවට පත්ව තිබේ. 2022 වසරේ අප්‍රේල් මස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කරමින් ගැටීම වෙනු‍වට සංවාදය පැවැත්වීම, සංගම් සමූහයන් වෙනුවට හවුල් සහයෝගතා පැවැත්වීම, ‘ශූන්‍ය ඓක්‍ය ක්‍රීඩාව’ වෙනුවට පොදු ජයග්‍රහණය සහිත නව ආරක්ෂක මාර්ගයකට මුලපිරිණ. ඉන් මානවයන්ගේ ආරක්ෂාව පිළිබඳ දුෂ්කර තත්ත්වය විසඳීම වෙනුවෙන් නව දිශාවක් හා සංකල්පයක් සපයා ඇත. චීන රජය ඊයේ(21) ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳ සංකල්ප පත්‍රිකාව එළිදැක්වීය. ඉන් තවදුරටත් එම මුලපිරුමේ කේන්ද්‍රීය අන්තර්ගතය පැහැදිලි කරමින් එය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සවිස්තර සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.

ගැටුම් හා අර්බුද රැසක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු හා මූල ධර්මයන් අනුගමනය කිරීම හා ආරක්ෂා කිරීම සිදු නොවූ බව ජනතාවට අවබෝධ වී ඇත. ඇතැම් බටහිර රටවල් ආරක්ෂක ප්‍රශ්න ද්විත්ව ප්‍රමිතීන් මත සලකයි. සිය නිරපේක්ෂ ආරක්ෂාව පමණට වඩා වැඩියෙන් අවධාරණය කරමින් සෙසු රටවල ආරක්ෂාව නොසලකා හැරීම හා පද්ධතිමය වශයෙන් පැහැර ගැනීම් ද සිදු කර තිබේ. ඇතැම් රටවල් වෙනස් සංගම් අතර අන්‍යෝන්‍ය ගැටීම් උසිගන්වමින් යුධ බලයන් අයුතු ලෙස භාවිත කිරීම හෝ තර්ජනය කිරීම් සිදු කරයි.

මෙම ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය ආරක්ෂක මුලපිරුම  මානවයන්ගේ ‍පොදු ප්‍රතිලාභ වෙත සැලකිල්ල දක්වයි. පොදු, පරිපූර්ණ, සහයෝගිතා මෙන්ම තිරසර ආරක්ෂක සංකල්පය අනුගමනය කිරීම, විවිධ රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට ගරුකිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු හා මූල ධර්මයන් අනුගමනය කිරීම, ආරක්ෂාව පිළිබඳ විවිධ රටවල සාධාරණ අවධානයන්ට ගරුකිරීම, සංවාද හා සාකච්ඡා මගින් සාමකාමීව රටවල් අතර මතභේද හා ගැටළු විසඳීම , සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රවල ආරක්ෂක සම්බන්ධීකරණය ඇතුළු කරුණු එම මුලපිරුමේ කේන්ද්‍රීය අන්තර්ගතයන්ය.

ආරක්ෂාව සෑම රටකම අයිතියක් වන අතර එය ඇතැම් රටවලට පමණක් හිමි වරප්‍රසාදයක් නොවේ. ලෝකය වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විවිධ රටවල් සිය වගකීම් භාර ගත යුතුව තිබෙ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම