ඇමරිකාව ජාත්‍යන්තර වෙළඳපොළට එල්ල කරන අනිසි බලපෑම් සම්බන්ධයෙන් චීන වෙළඳ ප්‍රවර්ධන සංගමයේ දැඩි විරෝධය
2023-02-22 15:23:57
Share with:

ඇමරිකාව රාජ්‍ය බලය භාවිත කරමින්, ජාත්‍යන්තර වෙළඳපොළට එල්ල කරන දැඩි බලපෑම් පිළිබඳව චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය තරයේ විරෝධය පළකරයි.

වෙළඳපොළ තරඟකාරීත්වය විනාශ කිරීම,වෙනත් රටවල ව්‍යවසායන්ට ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා එම සංගමයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත. 

චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය අද(22) පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ.චීනය වෙත චිප්ස් අපනයනය පාලනය කිරීමේ පියවර තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ඇමරිකාව පසුගිය දා ජපානය හා නෙදර්ලන්තය සමග එකඟතාවකට පැමිණ ඇත.ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව චීන ආයතන 6ක්, ‘අපනයන පාලනය කරන  ආයතන ලැයිස්තුවට’ ඇතුළත් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් චීන වෙළඳ ප්‍රවර්ධන සංගමයේ ප්‍රකාශකයා පැවසුවේ, අපනයන පාලන පියවර අයුතු ලෙස භාවිත කරන ඇමරිකාව වෙළඳපොළ නීති උල්ලංඝනය කරමින් කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ස්ථායීතාව විනාශ කරන බවයි.එසේම,එමගින් වෙළඳපොළ නීති පද්ධතියට සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටියට බරපතල පහරක් එල්ල වී ඇතැයි ද ඔහු පැවසීය.

විවිධ රටවල් අන්‍යොන්‍ය ජයග්‍රහණ ලබාගැනීමේ අරමුණින් වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී සිටී. ගෝලීය වෙළඳාම, අයෝජනය හා ලෝක ආර්ථීකයේ පුනරුත්ථාපනයට ඔවුන් පෙළඹවිය යුතු බව ද චීන වෙළඳ ප්‍රවර්ධන සංගමය හා චීන ජාත්‍යන්තර වාණිජ සංගමය පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම