ඇමරිකාවේ ආණ්ඩුව රසායනික කාන්දුවීම් සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් තොරව කටයුතු කරන බවට එරට විශේෂඥයෙකුගෙන් ප්‍රකාශයක්
2023-02-22 14:35:10
Share with:

ඇමරිකානු Ohio ප්‍රාන්තයේ දුම්රිය පීලි පැනීමෙන් සිදුවූ විෂ රසායනික කාන්දු වීමේ සිද්ධියෙන් එරට ජනතාවට අඛණ්ඩවම බලපෑම් එල්ල ‍වේ. මෙය ඇමරිකානු සමාජයේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති අතර, ඇමරිකාවේ ප්‍රාදේශීය සහ ෆෙඩරල් ආණ්ඩුවල අදාළ දෙපාර්තමේන්තු මෙම සිද්ධිය නිසි ලෙස හසුරුවා ගැනීමට අපොහොසත් වීම මේ වන විට පුළුල් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

ඇමරිකානු Purdue විශ්ව විද්‍යාලයේ පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය Andrew Whelton මහතා පසුගිය 20වැනිදා මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී  සිය අදහස් ප්‍රකාශ කළේය.

එහි දී ඔහු පෙන්වා දුන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාවේ සෑම තරාතිරමකම ආණ්ඩුවේ පාර්ශවයන් ප්‍රතිචාර දැක්වීමේ දී විශාල ගැටළු ඇති බවයි. එයින් ප්‍රධානම ගැටලුව වන්නේ රසායනික කාන්දුවීම් පිළිබඳ හෙළිදරව් කිරීම් විනිවිදභාවයකින් තොරව සිදු කිරීමයි.

පීලි පැනීමේ සිද්ධියෙන් පසු, අදාළ කාර්ය මණ්ඩලය එම ස්ථානයේදීම විෂ රසායන ද්‍රව්‍ය පුළුස්සා තිබේ. අවට පරිසරයට මුසුවූ හානිකර රසායනික ද්‍රව්‍ය මගින් ජනතාවගේ ජීවිතයට සහ සෞඛ්‍යයට සෘජු තර්ජනයක් එල්ල වන බව ද මහාචාර්ය Andrew Whelton මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම