විද්‍යා හා තාක්ෂණික අතින් ලොව දැවැන්ත රටක් ගොඩනැගීමට ඇති එකම මාර්ගය එම ක්ෂේත්‍රයන් හි ස්වීය ශක්‍යතා මැනැවින් තහවුරු කිරීම බව චීන ජනපති කියයි
2023-02-22 14:59:17
Share with:

මූලික පර්යේෂණ ප්‍රායෝගිකව ශක්තිමත් කොට, දේශීය වශයෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ස්වෛරීභාවය සහ වැඩිදියුණු කිරීමේ ශක්‍යතා තහවුරු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

හෙතෙම මේ බව පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (21) පැවැත්වූ තුන්වැනි කණ්ඩායම් අධ්‍යයනයේ දී ය.

මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම, උසස් මට්ටමේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ස්වෛරීභාවය හා දේශීය වශයෙන් වැඩිදියුණු කිරීමේ හැකියාවන් සාක්ෂාත් කිරීමේදී අතිශය වැදගත් සාධකයකි. එමෙන්ම,  විද්‍යා හා තාක්ෂණික අතින් ලොව දැවැන්ත රටක් ගොඩනැගීමට ඇති එකම මාර්ගය එය බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

විවිධ මට්ටම්වල පක්ෂ කමිටු සහ රජයන්, විද්‍යා හා තාක්ෂණික කාර්යයන් පිළිබඳ ප්‍රධාන න්‍යාය පත්‍රයට මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම ඇතුළත් කළ යුතුය. අදාළ සම්බන්ධීකරණ සමස්ත වශයෙන් ශක්තිමත් කොට ප්‍රතිපත්තිමය සහාය වැඩි කරමින් මූලික පර්යේෂණවල අධිගුණාත්මක සංවර්ධනය සහතික කළ යුතු බවට ද චීන ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම