කලාපීය සහ ගෝලීය සංවර්ධන ගැටළු විසඳීම සඳහා චීනය කේන්ද්‍රීය සාධකයක්
2023-02-21 09:27:53
Share with:

චීනය සංවර්ධන ප්‍රතිලාභ මෙන්ම අත්දැකීම් හරහා අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් කෙරෙහි වර්ධනය වන බලපෑමක් සිදු කරන බව මෑත ඉතිහාසය සාක්ෂි දරා තිබේ. එබැවින් බොහෝ කලාපීය සහ ගෝලීය සංවර්ධන ගැටළු විසඳීම සඳහා චීනය කේන්ද්‍රීය සාධකයක් බව ප්‍රවීණ විද්‍යා දේශක ප්‍රදීප් සේතුංග මහතා පවසයි.

චීනයේ වර්ධනය වන ආර්ථිකය ගෝලීය ඉල්ලුමේ වැදගත් මූලාශ්‍රයකි. භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් නිෂ්පාදන අපනයනකරුවන් සඳහා නව අවස්ථා නිර්මාණය කරනු ඇත. ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම, උද්ධමනය ඉහළ යාම සහ මූල්‍ය තත්ත්වයන් දැඩි වීමත් සමඟ රුසියාව යුක්රේන යුද්ධයෙන් පසු බාහිර පරිසරය ද සැලකිය යුතු ලෙස නරක අතට හැරී තිබේ. මෙවැනි පසුබිමක් යටතේ චීන ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රකෘතිය කරා ළඟා වීම ගෝලීය වශයෙන් සුබවාදී බලාපොරොත්තු ජනිත කරවන බව ප්‍රදීප් සේතුංග මහතා කියා සිටී.

පසුගිය දශකය තුළ චීන ආර්ථිකයේ වේගවත් වර්ධනය, අපේක්ෂා කළ හැකි අනාගතය දක්වා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. චීනය ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ ආනයන, අපනයන වෙළඳ විවෘතභාවය අන් රටවල ආර්ථික වර්ධනයට ප්‍රබල බලපෑමක් සිදු කර තිබේ. එබැවින් චීනයේ ශක්තිමත් ආර්ථික වර්ධනය හරහා ලෝක ආදායම ඉහළ නැංවීම තුළින් සෘජුවම ලෝක ආර්ථිකයට වාසිදායක තත්ත්වයක් උද්ගත වන බව පෙනෙන්නට ඇතැයි ප්‍රවීණ විද්‍යා දේශක ප්‍රදීප් සේතුංග මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම