චීන-රුසියානු සබඳතා පිළිබඳව සිදුකෙරෙන වගකීම් විරහිත ප්‍රකාශ කිසිවිටෙකත් පිළිනොගන්නා බව චීනය කියයි
2023-02-21 18:41:26
Share with:

චීන-රුසියානු සබඳතා පිළිබඳව සිදුකෙරෙන වගකීම් විරහිත ප්‍රකාශ කිසිවිටෙකත් පිළිනොගන්නා බව චීනය කියා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

චීන-රුසියානු සබඳතා සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ කිරීම හෝ බලහත්කාර පීඩා එල්ල කිරීම චීනය කිසිවිටෙකත් පිළිනොගන්නා බව ද හෙතෙම එහිදී  අවධාරණය කළේය.

රුසියාවට ප්‍රබල සහයෝගයක් ලබාදුනහොත් ඒ වෙනුවෙන් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීනය දන්නා බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධ‍යෙන් Wang Wenbin මහතා පැවසුවේ, ඇමරිකාව යුක්රේන යුද පිටියේ විශාලතම ආයුධ සැපයුම්කරු බවයි. "සාම ආරක්ෂකයෙකු" ලෙස පෙනීසිටින ඇමරිකාවේ ව්‍යාජ ප්‍රතිරූපය සත්‍යයෙන් හෙළිදරව් කර ඇතැයි ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම