චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-ග්‍රීසි ශිෂ්ටාචාරයන් පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනුම් මධ්‍යස්ථානය පිහිටුවීම වෙනුවෙන් ඇතන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Stelios Virvidakis මහතා ඇතුළු ග්‍රීක විද්වතුන්ට සුභ පැතුම් එක් කළේය.
වසර 2,000කට පෙර චීනයේ සහ ග්‍රීසියේ ප්‍රධාන ශිෂ්ටාචාරයන් මානව ශිෂ්ටාචාරයේ පරිණාමය සඳහා ප්‍රධාන සහ මූලික දායකත්වය ලබා දුන් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීන-ග්‍රීසි ශිෂ්ටාචාරයන් අන්‍යෝන්‍ය ඉගෙනුම් මධ්‍යස්ථානය පිහිටුවීම ඓතිහාසික වටිනාකමක් එක් කරන අතර, කාලීන වශයෙන් ද ඉතා වැදගත් වේ. මෙම ශිෂ්ටාචාරයන්හි හරවත් බව වර්තමානයට සහ සියලු මානව වර්ගයාට ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන-ග්‍රීසි ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය ඉගෙනුම් මධ්‍යස්ථානයට මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බවත්, ඒ හරහා ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද විශ්වාස කෙරේ.
මීට පෙර, ඇතන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Stelios Virvidakis මහතා ඇතුළු ග්‍රීක විද්වතුන් පස් දෙනෙක් එක්ව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කළහ.එහි දී ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ටාචාරය පිළිබඳ සංකල්පය පිළිබඳ ඔවුන් සිය ප්‍රසාදය පළ කර ඇත. පෙබරවාරි 20 වනදා, ඇතන්ස් විශ්ව විද්‍යාලයේ චීන-ග්‍රීසි ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය ඉගෙනුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ උත්සවය පැවැත්විණි.