සෙසු රටවල සාමකාමී පැවැත්මට තර්ජනය කරන ඇමරිකාවේ සටන්කාමීත්වය
2023-02-21 11:28:42
Share with:

               

                 යුක්රේනයට යුද ආධාර ලබාදීම නතර කරන ලෙස ඇමරිකානු ජනතාව ජනරැලි පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියද ඊයේ (20) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන නිල සංචාරයක නිරත විය.යුක්රේනයට තවත් ඇමරිකානු ‍ඩොලර් කෝටි 50ක යුද ආධාරයක් ලබා දෙන බව ඔහු එම සංචාරයේදී ප්‍රකාශ කර තිබේ.මේ දක්වා වසරක් පමණ ගතවී ඇති රුසියා-යුක්රේන ගැටුම නොකඩවාම උග්‍ර අතට ගෙන ගියේ වත්මන් කාලයේ ලොව ප්‍රබලම අධිපතිවාදී රට වන ඇමරිකාව බව ඉතා පැහැදිලි ය.

                ගෙවුණු වසර ගණනාවක් තුළ දේශපාලනික, ආර්ථික,විද්‍යා තාක්ෂණික,සංස්කෘතික සහ හමුදාමය වශයෙන් ඇමරිකාව‍ ලොව පුරා සිය ආධිපත්‍යය පතුරුවා තිබේ. එහි මනා නිදසුනක් වන්නේ ලතින් ඇමරිකානු හා කැරිබියන් කලාප පාලනය කිරීම සඳහා ඇමරිකානු රජයන් බලහත්කාරයෙන් දේශපාලන, ආර්ථික හා හමුදාමය තර්ජන එල්ල කර තිබීමයි. එපමණක් නොව යුරේසියාවේ "වර්ණ විප්ලවයන්" ඇවිලවීමේ සිට බටහිර ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ "අරාබි වසන්තය"  සංවිධාන කිරීම දක්වා ඇමෙරිකාව  ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල සහ ලෝකයේ පිළිවෙළ හැඩගස්වා ගැනීමට වෑයම් දරා ඇත. වස‍ර 1776 -2019 කාලයේ ඇමරිකාව ලොව පුරා යුද මැදිහත්වීම් 400ක් පමණ ක්‍රියාත්මක කර ඇතැයි ඇමරිකාවේ Tufts විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වාර්තා හෙළි කර තිබේ. ඇමරිකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින සටන්කාමී රටක් බව හිටපු ඇමරිකානු ජනාධිපති Jimmy Carter වරෙක පවසා ඇත. දේශපාලන හා හමුදාමය ආධිපත්‍යය හැර ආර්ථික හා විද්‍යා තාක්ෂණ අතින් ඇමරිකාව ලෝකය කැළඹීම කිසිවිටක නතර නොකරයි. ‍ඩොලරයේ පොලි අනුපාතිකය තම අභිමත පරිදි වැඩි කිරීම, ගෝලීය චිප නිෂ්පාදනයට බාධා කිරීම, ව්‍යාජ තොරතුරු ගොතමින් සෙසු රටවලට පහර දීම හා ටිවිට්ර් වැනි සමාජ මාධ්‍ය පාලනය කිරීම, එහි උදාහරණ කිහිපයක් පමණි.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම