ඇමරිකානු ජනාධිපතිවරයා යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වී යුක්රේන යුධ ආධාර ඉහළ නංවන බවට නිවේදනය කරයි
2023-02-21 16:13:16
Share with:

ඇමරිකාවේ වොෂින්ටන් හි මහා පරිමානයේ යුද විරෝධී උද්ගෝෂණ ක්‍රියාත්මක වන අතරතුර, ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ඊයේ(20) යුක්රේනයේ හදිසි සංචාරයක නිරත විය. එහිදී ඔහු යුක්රේන ජනාධිපති volodymyr zelenskyy මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඇමරිකාව යුක්රේනයට ඇ.ඩොලර් මිලියන 500 ක් වටිනා නව හමුදා ආධාර පැකේජයක් ලබා දෙන බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයා එහිදී නිවේදනය කර තිබේ. එහි පැවති මාධ්‍ය හමුවකදී ‍එම ප්‍රකාශය කල බව යුක්රේන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කළේය.

යුක්රේනය සඳහා ආරක්ෂක සහතිකය අත්සන් කිරීමත් සමඟ, යුක්රේන භූමිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීම සහ රුසියානු-යුක්රේන ගැටුම අවසන් විය යුතු බව, volodymyr zelenskyy මහතා එහිදී ප්‍රකාශ කොට ඇත.

The Associated Press වාර්තාවලට අනුව, යුක්රේනයට ඇමරිකා යුධ ආධාර ඇ.ඩොලර් බිලියන 50 කට වඩා එකතු වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම