ඇමරිකාවේ සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද, ‘මිනිසුන් රහිත සිවිල් බැලූන පිළිබඳ ඊනියා යෝජනාව’ සම්බන්ධයෙන් චීන ජාතික කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව ප්‍රකාශයක් නිකුත් කරයි. එය ඊයේ( 20) නිකුත් කෙරිණ.
ඇමරිකානු සෙනෙට් සභාව පසුගිය දා සම්මත කළ මිනිසුන් රහිත බැලූන පිළිබඳ ඊනියා යෝජනාව, පදනම් විරහිත "චීන තර්ජනය"ක් අනවශ්‍ය ලෙස හුවාදැක්වීමේ ද්වේෂසහගත පියවරක් බව ප්‍රකාශය පෙන්වා දී ඇත. එය චීනයට එල්ල කළ ප්‍රහාරයක් මෙන්ම දැඩි අපහාසයකි. ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සමාන යෝජනාවක් සම්මත කිරීමෙන් පසු චීනයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස කර ඇති මෙය, කරුණු විකෘති කර මහජන මතය ව්‍යාකූල කිරීම සඳහා ඇමරිකානු පාර්ශ්වය ගත් තවත් වැරදි පියවරකි.
චීනයේ මිනිසුන් රහිත සිවිල් බැලූනය ඇමරිකාවේ ගුවන් සීමාවට ඇතුළු වීම, සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත මෙන්ම පාලනයකින් තොරව සිදුවූවකි. ඇමරිකානු කොංග්‍රසය මෙහිදී හිතාමතාම ගැටුමක් නිර්මාණය කර, එම හදිසි අනතුරට සංකීර්ණ මුහුණුවරක් දී එය දේශපාලනීකරණය කළේය. එය අධිපතිවාදී ක්‍රියාවක් බව ද ප්‍රකාශයේ දැක්වෙයි.
ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ මූලික සම්මතයන්ට ගරු කරමින්, චීනයට අපහාස කිරීම වහාම නතර කර, චීන-ඇමරිකානු සබඳතා තවදුරටත් කඩාකප්පල් වීම වළක්වා ගන්නැ යි චීන ජාතික කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුව, ඇමරිකානු කොංග්‍රසයෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.