ජාතික ආරක්ෂක මණ්ඩලය නීතිගත කිරීමට පියවර
2023-02-21 16:36:20
Share with:

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත සහ පැහැදිලි සංයුතියකින් යුතුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් මගින් නිර්දේශ කර ඇති අතර, එම තීන්දුවට අනුව ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

1999 වසරේ  සිට ජාතික ආරක්ෂක මණ්ඩලය, ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම මෙන්ම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේශීය, විදේශීය, ආර්ථික සහ හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය වශයෙන්  ක්‍රියාකරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම