චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ දෙවැනි පූර්ණ සැසිය 26 වැනිදා ඇරඹේ
2023-02-21 16:34:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ දෙවැනි පූර්ණ සැසිය පැවැත්වීමට තීරණය කෙරේ. ලබන 26 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙය බෙයිජිං අගනුවර දී පැවැත්වෙනු ඇත.

අද (21) පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ රැස්වීමේ දී මෙම තීරණය ගනු ලැබීය. මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එහි මුලසුන දැරීය.

මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විසින් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කෙරුණු කාර්ය වාර්තාව එහිදී සාකච්ඡාවට ලක්කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම