චීන-ග්‍රීක ශිෂ්ටාචාර අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් චීන ජනපතිගේ සුබ පැතුම චීන උප අගමැතිවරිය විසින් ඉදිරිපත් කෙරේ
2023-02-21 19:47:28
Share with:

චීන-ග්‍රීක ශිෂ්ටාචාර අන්‍යොන්‍ය අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේ දී චීන උපඅගමැතිනි ස්වුන් චුන්ලාන් මහත්මිය ජනාධිපති ෂී ජීන් පීං මහතාගේ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කරයි.

චීන-ග්‍රීක ශිෂ්ටාචාර අධ්‍යයන මධ්‍යස්ථානය පිහිටුවීමේ උත්සවය ඊයේ (20)  ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර දී පැවැත්විණි. චීන ජනාධිපතිවරයා එම මධ්‍යස්ථාන කවුන්සිලයේ සාමාජිකයන් වෙත යොමුකළ සුබ පැතුම් පණිවුඩය උත්සව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ චීන උපඅගමැතිනි ස්වුන් චුන්ලාන් මහත්මිය විසිනි. ඇය එහිදී දේශනයක් ද පැවැත්වූවාය.

චීනයේ සහ ග්‍රීසියේ ශිෂ්ටාචාර පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැදගත්කම ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් මනාව පෙන්වා දී ඇතැයි ද ස්වුන් චුන්ලාන් මහත්මිය කියාසිටියාය. ග්‍රීක නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Panagiotis Pikrammenos මහතා ද උළෙලට සහභාගි විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම