නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනපති කියයි
2023-02-21 15:06:09
Share with:

නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන ව්‍යාපෘති සඳහා කඩිනම් අනුමැතිය ලබාදීම මෙහි අරමුණ යි.

ආයෝජන මණ්ඩලය හා අපනයන මණ්ඩලය වෙනුවට නව ආර්ථික කොමිසම මගින් ආයෝජන අනුමැතිය ලබාදීමට ක්‍රියාකරන බව ජනාධිපතිවරයා පැවසීය.

එසේම, නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතු බවත්, ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බවත් හෙතෙම කියාසිටියේය.  

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, හන්තාන ජාතික කුරුලු උයන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම