ඉන්දියාවේ ගුජරාට්හී පාලම් අනතුර පිළිබද පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ
2023-02-21 10:26:04
Share with:

ඉන්දියාවේ පාලමක් කඩා වැටීම පිළිබඳ විමර්ශන වාර්තාව නිකුත් කෙරේ.

පසුගිය ඔක්තෝබර් මස 30වනදා ගුජරා‍ට් ප්‍රාන්තයේ Morbi ගංගාව හරහා ඉදිකර තිබූ පාලමක් හදිසියෙන්ම කඩා වැටිණ. ඉන් පුද්ගලයෝ 135 දෙනෙක් මිය ගිය අතර 100කට වැඩි පිරිසක් තුවාළ ලැබූහ. ගුජරා‍ට් ප්‍රාන්ත රජය ඊයේ(20) විමර්ශන වාර්තාවක් නිකුත් කරමින් නුසුදුසු අලුත්වැඩියාව හා ප්‍රමාණවත් පරිදි නඩත්තු නොකිරීම, පාලමේ බර වැඩි වීම එම අනතුරට හේතු ලෙස දැක්වීය . එම වාර්තාවට අනුව පාලමේ වානේ කෙබල් 49ක් අතරින් 22ක් දිරා ගොස් තිබිණ. පසුගිය වසරේ එම පාලම මාස කිහිපයකින් අලුත්වැඩියා කර තිබේ. එහෙත් යළි විවෘත කර පෙර ව්‍යුහ හා පැටවීමේ පරීක්ෂණ සිදු කර නොමැත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම