59 වැනි Munich ආරක්ෂක සමුළුව අවසන්
2023-02-20 10:59:32
Share with:

59 වැනි Munich ආරක්ෂක සමුළුව ඊයේ(19) ජර්මනියේ Munich නගරයේදී අවසන් විය.

රටවල් සහ කලාප 100කට ආසන්න ප්‍රමාණයක ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීහූ සහ විශේෂඥයෝ මෙම සමුළුවට සහභාගී වූහ.

රුසියානු-යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සමුළුවේදී අවධානය යොමු විය. එසේම නේටෝව තුළ සහ බටහිර රටවල් අතර, යුක්රේනයට මිලිටරි සහාය පිළිබඳ දරණ ස්ථාවරයන් සම්බන්ධීකරණය කිරීමට එම සමුළුවේ දී වෑයම් දැරිණ. එහෙත් මෙම අන්තර්ගතයන් පිළිබඳ පුළුල් එකඟතාවයන්ට එළඹීමට හැකිව නොමැත.

සමුළුව පැවැත්වුණු ස්ථානයෙන් පිටත යුද විරෝධී උද්ඝෝෂණ කිහිපයක් ද පැවති බව වාර්තාවේ. යුක්රේනයට අවි සැපයීම ජර්මනියේ අවශ්‍යතාවක් ද යන්නත් ඉන් යුද්ධය වැලැක්වීමට සහාය වන්නේද යන්නත් ජර්මානුවෝ ප්‍රශ්ණ කරති. ඇතැම් විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, Munich ආරක්ෂක සමුළුව “යුද්ධය ප්‍රවර්ධනය කිරීමේ සමුළුවක්” බවට පත්ව ඇති බවයි. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම