2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මාසයේ දී
2023-02-20 14:58:31
Share with:

2022 වසරේ තුන්වැනි පාසල් වාරය අද (20) ඇරඹේ.

2023 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය අප්‍රේල් මස මුල් සතියේ ආරම්භ කෙරේ. නිවාඩු කාලසීමාව අඩු කර ගනිමින් විෂය කරුණු ආවරණය කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත. 2023 වසරට අදාළ වාර සටහන සහ විභාග කාලසටහන මෙම වසර තුළදීම ආවරණය කරගැනීම අධ්‍යාපන අමාත්‍යංශයේ මුලික අරමුණ යි.

මේ අතර, 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. එසේම, 2023 අපොස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ද වසර අවසන් වීමට පෙර පැවැත්වීමට සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම