“ෂී ජින් පිං: නාගරික වැඩකටයුතු පිළිබඳ දේශනවලින් උපුටා ගැනීම්” කෘතිය එළිදැක්වෙයි
2023-02-20 19:11:39
Share with:
“ෂී ජින් පිං: නාගරික වැඩකටයුතු පිළිබඳ දේශනවලින් උපුටා ගැනීම්” නමැති කෘතිය එළිදැක්වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ, පක්ෂ ඉතිහාස හා කෘති පර්යේෂණ කාර්යාලය විසින් සකස් කෙරුණු එම කෘතිය අද (20) සිට චීනය පුරා බෙදාහැරේ.
එම විශේෂ කෘතියේ, ජනාධිපති ෂී ජින් පිං මහතා 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ නාගරික වැඩකටයුතු සංවර්ධනය පිළිබඳව දුන් උපදෙස්, පළකළ වාර්තා, දේශන සහ සුබ පැතුම් පණිවුඩ ඇතුළත් ලිපි 120කට අධික සංඛ්‍යාවක් එහි අන්තර්ගත වෙයි. ඉන් සමහරක් ප්‍රකාශයට පත්වන්නේ පළමුවරට යි.