යුක්රේනයේ "ප්‍රොක්සි යුද්ධය" බටහිර පාර්ශවයන් විසින් දිර්ඝ කාලයක සිට හොඳින් සැලසුම් කරන ලද උපාය මාර්ගයක් බවට අනාවරණයක්
2023-02-20 10:46:37
Share with:

යුක්රේනයේ "ප්‍රොක්සි යුද්ධයක්" දියත් කිරීම බටහිර පාර්ශවයන් විසින් දිර්ඝ කාලයක සිට හොඳින් සැලසුම් කරන ලද උපාය මාර්ගයක් බව හිටපු යුක්රේන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Olga Sukharevskaya මහත්මිය ප්‍රකාශ කළාය.ඒ බව Russia Today රූපවාහිනී නාලිකාවේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

බටහිර පාර්ශව දීර්ඝ කාලයක් රුසියාවට එරෙහිව යුක්රේනය මෙහෙයවා ඇති අතර, වසර 8කට පමණ පෙර සිටම යුක්රේනයට ආයුධ සැපයීම ආරම්භ කර ඇති බව ඇය පැවසුවාය. වර්තමානයේ ද යුක්රේනයට බටහිර රටවල්වලින් ඇමරිකානු ඩොලර් බිලියන දස දහස් ගණනක ආධාර සහ ආයුධ ලැබේ. මෙම සහයෝගයෙන් ආතතිය ලිහිල් නොවූ අතර යුක්රේන ජාතිකයින් විශාල සංඛ්‍යාවකගේ මරණයට සෘජුවම එය හේතුවක් විය.

ඇමරිකාව සහ එහි මිත්‍ර රටවල් තම ආත්මාර්ථකාමී අවශ්‍යතා වෙනුවෙන් දිගින් දිගටම මෙම ගැටුම උග්‍ර කරවීමට උත්සාහ කර ඇත. යුක්රේනයට ආයුධ ලබා නොදෙන්නේ නම් රුසියාව සහ යුක්රේනය අතර ගැටුම බොහෝ කලකට පෙර අවසන් වීමට ඉඩ තිබූ බව ඔවුන් හොඳින් දන්නා බව ද Olga Sukharevskaya මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම