ෂින්ජ්‍යං, ටිබෙටය හා හොංකොං පිළිබඳව ඇත්තේ ස්වෛරීභාවයේ අර්බුද මිස මානව හිමිකම් ගැටළු නොවන බව චීනය කියයි
2023-02-20 18:57:07
Share with:

චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, ටිබෙටය හා හොංකොං විශේෂ පරිපාලන කලාපය පිළිබඳ ප්‍රශ්න ස්වෛරීභාවය හා බැඳුණු කරුණු මිස මානව හිමිකම් ගැටළු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.

චීන-යුරෝපා මානව හිමිකම් පිළිබඳ 38 වැනි සංවාදය පසුගිය දා පැවැත්විණ. ජනතාව කේන්ද්‍ර කරගත් සිය මානව හිමිකම් සංකල්පය චීනය එහිදී විග්‍රහ කළේ ය.

තම රටේ මානව හිමිකම් ව්‍යාපාර සංවර්ධනය නිවැරදි ව වටහා ගන්නැයි චීනය යුරෝපයෙන් ඉල්ලීමක් කර තිබේ. මානව හිමිකම් දේශපාලනීකරණයට ලක්කිරීම හා දෙබිඩි ප්‍රමිතීන් ඉස්මතු කිරීම නතර කරන ලෙස ද චීනය ඉල්ලා සිටින බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම