ඇමරිකාව නේටෝ සංවිධානයේ ප්‍රමුඛතම තර්ජනය බව ඇමරිකාවේ නාවික හිටපු බුද්ධි නිලධාරියෙක් පවසයි
2023-02-20 10:07:05
Share with:

ඇමරිකාව නේටෝ සංවිධානයේ ප්‍රමුඛතම තර්ජනය බව ඇමරිකාවේ නාවික හමුදා මැරීන් බලකායේ හිටපු බුද්ධි නිලධාරී Scott Ritter පවසයි.

ඔහු මේ බව පැවසුවේ පසුගිය දා සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.ඇමරිකාව වාසි වෙනුවෙන් තම මිත්‍ර රටවල් පාවා දෙන බව North Stream ගෑස් නළ මාර්ගය පුපුරුවා හැරීමේ සිද්ධියෙන් මැනවින් ඔප්පු වී ඇතැයි Scott Ritter මහතා එහිදී කියා සිටියේ ය.නේටෝ සංවිධානයට ඇති විශාලම තර්ජනය වන්නේ අන් කවර හෝ රටක් නොව ඇමරිකාව බව ඔහු පෙන්වා දුන්නේ ය.

මේ වන විට නේටෝ සංවිධානය ඇමරිකාව වාසි ලබාගැනීමේ හා ආධිපත්‍යය රැකගැනීමේ උපකරණයක් බවට පත්ව තිබේ. ජර්මනිය රුසියාවෙන් අඩුමිල ස්වාභාවික ගෑස් ලබාගැනීමේදී ඇමරිකාව රහසිගත ව ජර්මනියට පහර දුන්නේ ය. නේටෝ සංවිධානය ඇමරිකාවට පමණක් වාසි ගෙන දෙන බව ඉන් මනාව පිළිබිඹු වී ඇතැයි Scott Ritter මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම