හංගේරියානු අග්‍රාමාත්‍යවරයා සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා අතර හමුවක්
2023-02-20 19:43:02
Share with:

හංගේරියානු අග්‍රාමාත්‍ය Orbán Viktor මහතා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා හමුවෙයි. හමුව හංගේරියාවේ බුඩාපේස්ට් අගනුවර දී ඊයේ(19) පැවැත්විණ.

එරට හංගේරියානු සිවිල් සංවිධානයට නායකත්වය දී මහ මැතිවරණය ජයගෙන, අඛණ්ඩ ව අග්‍රාමාත්‍ය ධුරය හෙබවීම සම්බන්ධයෙන් වං යී මහතා එහිදී Orbán Viktor මහතාට යළි සුබ පැතීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ දස වර්ෂ පූර්ණය මේ වසරට යෙදී ඇති බව පැවසූ වං යී මහතා, ඒ හා සම්බන්ධ සහයෝගිතා දෙපාර්ශ්වයම තහවුරු කළ යුතු බව පැවසීය. චීන-යුරෝපා සබඳතා සංවර්ධනයට හංගේරියාව සක්‍රිය අයුරින් සහාය දැක්වීම චීනයේ පැසසුමට ලක්වෙයි. හංගේරියාවේ මෙම ක්‍රියාදාමය, දෙරට ජනතාවගේ පමණක් නොව, යුරෝපයේ දිගුකාලීන ප්‍රතිලාභ උදෙසා ද හේතුවන බව වං යී මහතා එහිදී කියාසිටියේය.

Orbán Viktor අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, චීනය පිළිබඳ සුහද ප්‍රතිපත්ති තම රට ස්ථිර ව අනුගමනය කරන බවයි. චීනය සමග පවත්වාගෙන යන විවිධ සහයෝගිතා හංගේරියාව ඉහළ මට්ටමින් සලකයි. දිගුකාලීන ව චීනය තම රටට සැපයූ අවංක උපකාරවලට තම රටේ කෘතඥතාව පළකරන බව ද හංගේරියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම