යුද පිටියට අඛණ්ඩව ආයුධ සපයන්නේ තමරට නොව ඇමරිකාව බව චීනය කියයි
2023-02-20 17:42:04
Share with:

යුද පිටියට අඛණ්ඩව ආයුධ සපයන්නේ තමරට නොව ඇමරිකාව බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

රුසියාවට ආයුධ සැපයීම සම්බන්ධයෙන් චීනය කෙරෙහි අවධානයෙන් පසුවන බවට ඇමරිකානු රාජ්‍යලේකම් Antony Blinken කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් Wang Wenbin මහතා මේ බව පැවසීය. චීනයට අණදීමට සුදුසුකමක් නැති ඇමරිකාව, චීන-රුසියානු සබඳතා සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ කිරීම හෝ බලහත්කාර පීඩා එල්ල කිරීම චීනය කිසිවිටෙකත් පිළිනොගන්නා බව ද හෙතෙම එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම