ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර කළ යුතු තවත් කාර්යයන් ඉතිරිව ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි කියයි
2023-02-20 15:12:00
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර රජයේ පාර්ශ්වයෙන් තවත් කටයුතු කිහිපයක් නිම කළ යුතුව ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.  එම කාර්යයන් නිම වූ විගස ගිවිසුම අත්සන් තැබිය හැකිවන අතර, ඉන්පසු දේශීය ආර්ථිකයට සැලකිය යුතු මූල්‍ය ප්‍රවාහයක් එකතු වනු ඇතැයි ද හෙතෙම කියාසිටී.

රත්නායක මහතා මේ අදහස් පළකළේ මහජන හමුවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදීමට පියවර ගනු ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා නීති‍ හා ක්‍රමවේද සකස් කරමින් සිටින බව පැවසූ ඔහු, දෙස් විදෙස් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිකිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම