ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි රජයෙන් උපදෙස්
2023-02-20 16:19:30
Share with:

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය උපදෙස් දෙයි.

තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින්, යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරෙනු ඇත. මේ යටතේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස්වලට බෙදා පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ. එම ක්‍රියාවලිය මගින් දෙස් විදෙස් ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවනු ඇත.

ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති ත්‍රිකුණාමල තෙල් ටැංකි මේ වන විටත් ඉන්දීය තෙල් සමාගමට පවරා තිබේ. එමෙන්ම නව ක්‍රියාවලිය ඔස්සේ තෙල් ආනයනය කිරීමේ දී නව සමාගම්වලට අවස්ථාව හිමිවනු ඇත. එසේම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා අවස්ථාව ද දෙස් විදෙස් ආයෝජකයන්ට හිමි වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම