"ඇමරිකානු ආධිපත්‍යය, හිංසා කිරීම සහ එහි අන්තරායන්" වාර්තාවෙන් එරට අධිපතිවාදී පිළිවෙත පිළිබඳ ප්‍රබල අනාවරණයක්
2023-02-20 16:51:24
Share with:

ඇමරිකාව අධිවිද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඒකාධිකාරයක් පවත්වා ගනිමින්, මර්දනයේ සහ තාක්ෂණික අවහිර කිරීම්වල නිරත වන බව "ඇමරිකානු ආධිපත්‍යය, හිංසා කිරීම සහ එහි අන්තරායන්" නමැති වාර්තාව අනාවරණය කරයි.

චීනයේ Huawei සමාගම මර්දනය කොට සම්බාධක පැනවීම සඳහා  ඇමරිකාව රාජ්‍ය බලය භාවිත කර ඇතැයි එම වාර්තාව කියාසිටී. එසේම ඇමරිකාව විවිධ හේතු ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර තරඟකාරීත්වය සහිත චීන අධිවිද්‍යා හා තාක්ෂණික සමාගම් මර්දනය කර, 1000 කට අධික චීන සමාගම් විවිධ සම්බාධක ලැයිස්තුවලට ඇතුළත් කර ඇත.

එසේම, ඇමරිකාව චීනයේ විද්‍යා හා තාක්ෂණික ප්‍රවීණයන් කෙරෙහි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ද වාර්තාව පෙන්වාදෙයි. 2018 වසරේ ජූනි මාසයේ සිට ඇමරිකාව තම රටේ සිටින උසස් තාක්ෂණය හදාරන ඇතැම් චීන සිසුන්ගේ වීසා බලපත්වල වලංගු කාලය කෙටි කර ඇත. මීට අමතරව ඇමරිකාවේ සිටින චීන විද්වතුන් පිළිබඳ මහා පරිමාණ පරීක්ෂණ සිදුකරමින්, චීන විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම් යටපත් කර ඇත.

සයිබර් ප්‍රහාර, ඔත්තු බැලීම සහ රහස්‍ය තොරතුරු සොරකම් කිරීම සඳහා ඇමරිකාව සිය තාක්ෂණික ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කර ඇති බව ද ඇමරිකානු ආධිපත්‍යය හා හිංසා කිරීම පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. තම තරඟකරුවන් පමණක් නොව, සන්ධාන මිතුරන් වුව ද  ඇමරිකාව විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම