බටහිර සංනිවේදන අධිපත්‍යයට සැබෑ තරඟයක් දෙන චීනය
2023-02-20 10:26:40
Share with:

චීනයේ සංනිවේදන කර්මාන්තයේ විශාල ප්‍රගතයක් දක්නට ඇත. මෑත දශකයක පමණ කාලය තුළදී එතෙක් බටහිර ආධිපත්‍යයේ පැවති සංනිවේදන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන තරඟයක් ලබාදීමට චීනයට හැකිව ති‍බේ. ඊට බලපා ඇති ප්‍රධාන සාධකය ලෙසට චීනය පර්යේෂණ හා සංවර්ධන අංශය කෙරෙහි වැඩි වශයෙන් යොමුවීම සැලකිය හැකි බව කොන්කෝඩ් රිච් ආයතනයේ අළෙවි කළමණාකරු වසන්ත රත්නායක මහතා පවසයි. සංනිවේදන අංශයේ දීර්ඝ කාලයක් ක්‍රියා කර ඇති තමන් මෙම ප්‍රවණතාව කෙරෙහි ඉහළ අවධානයක් යොමු කළ බවද හෙතෙම කියා සිටී. විශේෂයෙන් ජංගම දුරකථන අංශයෙන් චීනය වේගයෙන් ඉදිරියට පැමි‍ණෙමින් සිටී. නව මාදිලි, නව සේවවාන් මෙන්ම ඒවායේ ගුණාත්මකභාවය ද ඉහළ මට්ටමක පවතී. චීනය තුළ 5ජී තාක්ෂණික කර්මාන්තයේ වේගවත් වර්ධනයක් ද සිදුවෙමින් පවතී. ලොව විශාලතම 5ජී තාක්ෂණ වෙළඳපොලක් ඉන් ගොඩනැගෙමින් තිබේ. පසුගිය වසරේ චීනය අලුතින් ඉදි කර ඇති 5ජී මධ්‍යස්ථාන සංඛ්‍යාව 8ලක්ෂ 87දහසකි. මේ සමග චීනයේ සමස්ත 5ජී මධ්‍යස්ථාන සංඛ්‍යාව 23ලක්ෂ 12දහස දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගෝලීය ප්‍රතිශතය 60% ක් වැනි ඉහළ අගයකට පැමිණ තිබේ.

චීනයේ 5ජී අන්තර්ජාල ආවරණය තවදුරටත් පුළුල් වෙමින් පවතින අතර ඉන් චීනයේ නගර ගම් සිසාරා 5ජී සේවාවන් මගින් සැපයෙන සංනිවේදන සේවවන්ට ඔබ්බට ගිය වෛද්‍ය මෙන්ම කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ අංශවල නව සේවාන් රැසක් දැක ගැනීමට හැකිවනු ඇතැයි ද වසන්ත රත්නායක මහතා අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම