න්‍යෂ්ටික ආරක්ෂණය පිළිබඳ චීනයේ ස්ථාවරයට ජාත්‍යන්තර තලයේ ඉහළ පිළිගැනීමක්
2023-02-20 14:43:03
Share with:

59 වැනි මියුනිච් ආරක්ෂක සමුළුවේදී න්‍යෂ්ටික ආරක්ෂණය පිළිබඳ චීනයේ ස්ථාවරයට ඉහළ පිළිගැනීමක් හිමිවෙයි.

59 වැනි මියුනිච් ආරක්ෂක සමුළුව ඊයේ (19) අවසන් විය. 2023 මියුනිච් ආරක්ෂක වාර්තාව පෙන්වාදෙන්නේ, රුසියානු-යුක්රේන ගැටුම මෙන්ම ඉහළ උද්ධමනය, බලශක්ති සහ න්‍යෂ්ටික අර්බුද වර්තමාන ලෝකයේ ආරක්ෂක ගැටළු ලෙස ඉස්මතු ව ඇති බවයි.

න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ ප්‍රශ්නයේ දී , චීනය සෑමවිටම දරන්නේ, න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය සහ සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුය යන ස්ථාවරය යි. එසේම න්‍යෂ්ටික අවි භාවිතය මෙන්ම එම තර්ජනයන්ට විරුද්ධ වන චීනය, යුරේසියානු මහාද්වීපයේ න්‍යෂ්ටික අර්බුදයක් වැළැක්වීම වෙනුවෙන් ද පෙනී සිටී. සමුළුවට සහභාගි වූ පිරිස චීනයේ මෙම ස්ථාවරය ඒකමතිකව පිළිගත්හ.

ගුවන් විදුලිය
20230922සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම