ඉන්දියාව වාර්තාගත ලෙස රුසියාවෙන් වට්ටම් මිලට ඛනිජ තෙල් ලබාගෙන ඇති බව හෙළි වේ
2023-02-19 17:15:21
Share with:

ඉන්දියාව මෙම මූල්‍ය වර්ෂයේ මුල් මාස 10 තුළ රුසියාවෙන් ආනයනය කළ ඛනිජ තෙල් ප්‍රමාණය පසුගිය මූල්‍ය වර්ෂයේ එම කාලයට වඩා සියයට 400කින් වැඩි වූ බව වාර්තා වේ.

ඉන්දියානු වාණිජ අමාත්‍යංශය නිකුත් කළ නවතම දත්ත උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය එසේ වාර්තා පළ කර ඇත.

බටහිර රටවල් රුසියාවේ නාවික ප්‍රවාහන ඛනිජ තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදිත කෙරේ සම්බාධක පැනවීමේදී, ඉන්දියාව වට්ටම් මිලට රුසියාවේ බොර තෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගත් බව වාර්තා පවසයි. මෙම මූල්‍ය වර්ෂයේ මුල් මාස 10 එනම් වසර 2022 අ‍ප්‍රේල් මාසයේ සිට වසර 2023නේ ජනවාරි මාසය දක්වා කාලය තුළ රුසියාව ඉන්දියාවේ සිව්වැනි විශාලතම වාණිජ භාණ්ඩ ආනයන මූලාශ්‍ර රට වන බව සංඛ්‍යලේඛනවලින් පිළිබිඹු වේ. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 37.3ක් වන අතර වසරින් වසර සියයට 384කින් ඉහල ගිය බව ද සඳහන් වේ. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම