චීන රාජ්‍යතාන්ත්‍රික නිලධාරි වං යී හා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken යන මහත්වරුන් අතර නිල නොවන හමුවක්
2023-02-19 18:23:59
Share with:

ඇමරිකාවේ ඉල්ලීමට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා ඇමරිකානු රාජ්‍ය‍ ලේකම් Antony Blinken මහතා හමු වේ.

එම නිල නොවන හමුව 59 වැනි Munich ආරක්ෂක සමුළුව පැවැත්වූ අතර තුර ඊයේ(18) සිදු විය.  ඉහළ උන්නතාංශ බැලූන සිද්ධිය පිළිබඳ චීනයේ ස්ථාවරය එහිදී වං යී මහතා පැහැදිලි කළේය.

ඇමරිකාව සිය ආකල්පය වෙනස් කර ප්‍රචණ්ඩත්වය අයුතු ලෙස ‍භාවිත කිරීමෙන් චීනය සමග සම්බන්ධතාවට ගෙන දුන් හානිය නිසි ලෙස සලකා එම ගැටළුව නිරාකරණය කළ යුතු බව වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම