බන්ඩි පොහොර දහදාහට දෙන්න කැබිනට් පත්‍රිකාවක්
2023-02-19 17:09:27
Share with:

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 10,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කෙරිණ. එවකට පැවති ලෝක පොහොර මිල අනුව හොන්ඩරයක මිල රුපියල් 19,500ක් විය. මිල අධික වීම හේතුවෙන් බොහෝ ගොවීන් බන්ඩි පොහොර මිල දී ගැනීමට අපොහොසත් විය .

මේ වනවිට එම පොහොර ‌ තොගයෙන් අලෙවි වී තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3000ක් හෙවත් සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයකි. මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම