සියළු රටවල ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරන්න- චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී Wang Yi මහතා ලෝක ප්‍රජාවෙන් ඉල්ලයි
2023-02-19 15:26:59
Share with:

ආරක්ෂිත ලෝකයක් සඳහා සියලුම රටවල ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරන ලෙස ජ්‍යෙෂ්ඨ චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික Wang Yi මහතා ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

ඊයේ (18) වැනිදා ජර්මනියේ පැවැත්වූ 59 වන මියුනිච් ආරක්ෂක සමුළුව අමතමින් ඔහු මේ ඉල්ලීම සිදු කළේය.

බල දේශපාලනය සහ ආධිපත්‍යය ගෝලීය අස්ථාවරත්වය සඳහා මාර්ගය සකසන අතර ලෝක සාමයට විශාල ලෙසින් හානි සිදු කරයි. කුමන නමකින් වුවද,වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් නොසලකා හැරීම ප්‍රතික්ෂේප කරන බව Wang Yi මහතා පැවසීය. සුරක්ෂිත ලෝකයක් සඳහා ගැටුම්කාරී තත්ත්වයන් සාමකාමීව සංවාදයෙන් සහ උපදේශනයෙන් විසඳා ගත යුතු බව ඔහු සඳහන් කළේය.

චීනය, ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද පොදු, විස්තීර්ණ, හවුල් සහ තිරසාර ආරක්ෂාව පිළිබඳ දැක්මක් අනුගමනය කරන අතර, එක් එක් ප්‍රශ්නයේ ස්වභාවය මත පදනම්ව ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් වගකිවයුතු ස්ථාවරයක් ගනිමින්, සාධනීය කාර්යභාරයක් ඉටු කරන බව ද Wang Yi මහතා වැඩි දුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම