ප්‍රමුඛතාව ලබා දෙන්නේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට බව ජනාධිපතිවරයා පවසයි
2023-02-19 17:07:50
Share with:

රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඊයේ (18) කොළඹ පැවති රොටරි සමාජයේ සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, මේ වසර අවසන්වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟන බවටද සහතික වී තිබේ.

එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ හෙතෙම, රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බවද කියා සිටියේය.

ආර්ථිකය යළි ප්‍රකෘතිමත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම