මේ දක්වා ඇමරිකාවේ “බැලූන දේශපාලන රඟපෑම”ට සති දෙකක් පමණ කාලයක් ගතව තිබේ.
චීනයේ එම සිවිල් බැලූනය ඇමරිකානු ගුවන් සීමාවට ඇතුළු වූයේ අහම්බයකින් හා වැළැක්විය නොහැකි අයුරෙන් බව චීනය බොහෝ වතාවක් පැහැදිළි කර ඇත. මේ අතර, එම බැලූනය ඇමරිකානු ජනතාවට හෝ එරට ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව ද බොහෝ ඇමරිකාවේ නිලධාරීහු සඳහන් කළහ. නමුත් පක්ෂ අතර ගැටළු උග්‍ර වෙමින් පවතින ඇමරිකාවේ රජය එම කුඩා අහඹු සිද්ධිය විශාල දේශපාලන රඟපෑමක් බවට පත් කරගෙන තිබේ.
ජාත්‍යන්තර නීතිය හා සාමාන්‍ය අත්දැකීමට අනුව, එම සිද්ධිය කෙරෙහි ඇමරිකාව අතිශයෝක්තියෙන් ප්‍රතිචාර දක්වා ඇත. ඇතැම් ඇමරිකාවේ නිලධාරීන් මේ වන විට සිය රඟපෑම පවත්වා ගෙන යෑමෙන් අපහසුතාවකට පත්ව සිටියද, චීනයට සමාව දිය යුතු බවට තවමත් පිළිගෙන නොමැත.
කෙසේ වෙතත්, චීනය අපකීර්තියට පත් කිරීමේ ඇමරිකාවේ රඟපෑම අවසානයේ ඔවුන්ගේ දුෂ්ඨ බව ලෝකයට හෙළිදරව් වී ඇත. 2022 වර්ෂයේ මැයි මාසයේ සිටම ඇමරිකාව ලොව පුරා ඉහළ උන්නතාංශ බැලූන් විශාල ප්‍රමාණයක් පියාසර කරවා ඇති අතර, නීති විරෝධීව අවම වශයෙන් 10 වතාවක් චීනයේ ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව චීනය නිල වශයෙන් හෙළිදරව් කරයි. සිය ක්‍රියාව පිළිබඳව ඇමරිකාව වචනයක් හෝ ප්‍රකාශ නොකළ නමුත් චීනයේ සිවිල් බැලූනයට අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වූයේ ඇයි? එය ඇමරිකාවේ නිරන්තර දෙබිඩි පිළිවෙතේ ස්වභාවය ඉස්මතු වීමකි.