චීන -ඇමරිකා අදහස් හවුමාරුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය පැහැදිලි කරයි
2023-02-19 19:04:49
Share with:

චීන -ඇමරිකා අදහස් හවුමාරු කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය විස්තර කරයි. 

ඇමරිකා පාර්ශ්වයන්ගේ ඉල්ලීමට අනුව, Munich ආරක්ෂක සමුළුවට එක්වීම අතරතුර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා සමඟ නිල නොවන හමුවීමක් පැවැත්වීය.

ඉහළ උන්නතාංශ බැලූන සිද්ධිය සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය වං යී මහතා එහිදී පැහැදිලි කර ඇත. ඇමරිකාවේ ක්‍රියාව අයුතු ලෙස බලය භාවිත කිරීමක් බවත් චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

චීන-රුසියා පූර්ණ උපාය මාර්ගික සහයෝගිතා හවුල්කාරි සබඳතාව, නොබැඳීම, ගැටුම් ඇති නොවීම සහ තුන්වන පාර්ශ්වයක් ඉලක්ක කර නොගැනීම මත පදනම්ව ස්ථාපිත කෙරිණ. එය ස්වාධීන රටවල් දෙකෙහි ස්වාධිපත්‍යයට අයත් කාරණයක් බව වං යී මහතා අවධාරණය කළේය. චීන-රුසියා සබඳතාව කෙරෙහි ඇමරිකාව මැදිහත්වීම හෝ බලහත්කාරයෙන් බලපෑම් එල්ල කිරීම කිසිවෙක් පිළි නොගන්නා බව හෙතෙම පැවසීය. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන්, ඇමරිකාව "තායිවානයේ ස්වාධීනත්වය" යන්න අනුමත නොකරන බව ප්‍රකාශ කරනවා සේම ඒ අනුව ක්‍රියා කළ යුතු බවද වං යී මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම