ඊශ්‍රායලයේ සාත්තු සේවයට මේ වසරේදී දෙදහසකට වරම්
2023-02-18 16:10:42
Share with:

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබා දීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාව දීමටත්, මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතාව සහිත, වෘත්තීය වශයෙන් පුහුණුව ලබා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සෑම විටම ඊශ්‍රායල් රැකියා සඳහා අවස්ථාව ලැබෙන බවද, වසරකට 8,000ක් දක්වා වන ශ්‍රමිකයන්ට අවස්ථාව දීමට සූදානම් බවද ඊශ්‍රායල් නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දුන්හ. ඒ වෙනුවෙන් අතරමැදියන්ට මුදල් ලබා දීමෙන් වලකින ලෙසද එම නියෝජිත කණ්ඩායම පවසා තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම