හරිත මූල්‍ය ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම ඇරඹේ
2023-02-18 16:10:04
Share with:

වසර 2023 තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරේ.

හරිත මූල්‍යයනය වශයෙන් පොදුවේ අදහස් කරනුයේ කාලගුණ විපර්යාස ආශ්‍රිත අභියෝග හා කාබන් විමෝචනය අඩු ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී මුහුණපාන අභියෝග ජය ගැනීමට මූල්‍ය ප්‍රවාහයන් යොමු කිරීමයි.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

හරිත මූල්‍ය, හරිත බැඳුම්කර, දේශගුණික මූල්‍ය යනාදී වශයෙන් දැනටමත් සිදුවෙමින් පවතින සියලුම ක්‍රියාවලීන් නිශ්චිත විෂය පථයක්, ක්‍රියාමාර්ග සහ ඉලක්ක සහිතව එක් වේදිකාවකට පෙළගැස්වීම හරිත මූල්‍ය පිළිබඳ මාර්ග සිතියම මගින් අපේක්ෂිතය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම