සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක්
2023-02-18 16:09:17
Share with:

ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. දොළොස් වැනි නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර 13න් වන නෞකාවේ ගොඩබෑම් කටයුතු හෙට (19) දිනයේ ආරම්භ කරන බවද ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පැවසීය.

ගල්අඟුරු නෞකා 36ක් මෙරටට ගෙන්වීම සඳහා සැලසුම් සකස් කර ඇති බව පැවසූ හේවගේ මහතා ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බවද සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම