මානව ඉතිහාසයේ ජනාකීර්ණම රට වසංගතය පරාජය කළේ කෙසේද?
2023-02-18 18:10:36
Share with:

මානවයින් කොරොනා වසංගතය සමග සටන ආරම්භ වී මේ වන විට වසර තුනක් ගත විය. එම කාලය තුළ, ජන ජීවිතයට පුමුඛත්වය ලබා දෙමින් වසංගත තත්ත්වයන්ට අනුකූලව වසංගත පාලන ප්‍රතිපත්ති නිසි ලෙස සකස් කිරීමෙහි චීනය නියැළී සිටියි.

චීනය සුවිශාල ජනගහණයක් සහිත රටකි. මධ්‍යම පරිමාණයේ නගරයක ජනගහණය සුළු රටක ජනගහණය පවා ඉක්වමා යා හැකිය. චීනයේ බොහෝ ගම්බද ප්‍රදේශවල ජීවන පහසුකම් හා වෛද්‍ය සම්පත්, සංවර්ධිත රටවල්වලට වඩා බොහෝ දුරට දුර්වල වේ. මේ හේතුවෙන් චීනය මෙහෙයවන වසංගතය සමග සටන, බෙහෙවින් අසීරු බව කිව හැකිය. කෙසේ වුවද නිවැරදි වසංගත පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නිසා චීනය බොහෝ සෙයින් ජයග්‍රහණ දිනා ගත්තේය.

වසර 2019 අග භාගයේ සිට වසර 2020 මුල් කාලය දක්වා, මුල්ම වසංගත තත්ත්වය කාලෝචිත ව හඳුනා ගෙන වූහන් නගරය වසා දැමීමේ බැරෑරුම් තීරණය ගෙන ජන ජීවිතවලට හානි උපරිම ලෙස අවම කිරීමට චීනයට හැකි විය.

එතැන් සිට වසර 2022 අග වන විට, ඖෂධ හා එන්නත් පර්යේෂණය අඛණ්ඩව සිදු කෙරිණ. ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ විශාලතම නොමිලේ එන්නත් ලබා දීමේ මෙහෙයුම සම්පූර්ණ කෙරිණ. චීනයේ ආසාදිත අනුපාතය හා මරණ අනුපාතය, ලෝකයේ අවම පරාසයක පැවතීමට එය හේතු වී තිබේ.

චීනය දැවැන්ත අසීරුතා රැසකට මුහුණ පා සිටියද, ගෝලීය වසංගත පාලනයට මුළුමනින් සහාය දක්වා ඇත. රටවල් 153ක් හා ජගත් සංවිධාන 15ක් වෙනුවෙන් වසංගත පාලන භාණ්ඩ බිලියන සිය  ගණනක් පරිත්‍යාග ක‍ළ චීනය, 180කට වැඩි රටවල් හා ප්‍රදේශ සහ 10කට වැඩි ජගත් සංවිධාන සමග සිය පාලන හා ප්‍රතිකාර තාක්ෂණ බෙදා ගත්තේය. රටවල් 34කට වසංගත පාලනය පිළිබඳ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් 37ක් යවා සිය වසංගත පාලන අත්දැකීම් නොපිරිහෙලා බෙදා ගෙන තිබිණ. කොරොනා එන්නත්, පොදු නිෂ්පාදිතය ලෙස සැපයීමට ප්‍රථමයෙන් පොරොන්දු වූ චීනය, 120කට වැඩි රටවල් හා ජගත් සංවිධාන සඳහා එන්නත් බිලියන 2.2ක් ලබා දී තිබේ. විදේශයන් වෙත වැඩිම එන්නත් සැපයූ රට බවට චීනය පත් ව සිටියි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම