ගැටළු ඇති කරන්නෙකු නොවී, ගැටළු විසඳන්නෙකු වෙන්න- චීනය නේටෝවෙන් ඉල්ලයි
2023-02-18 15:51:42
Share with:

ගැටළු ඇති කරන්නෙකු ලෙස කටයුතු නොකරන ලෙස චීනය නේටෝ සංවිධානයෙන් ඉල්ලා සිටී. 

ඊයේ (17) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යුක්රේන ප්‍රශ්න පිළිබඳ විවෘත රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය. යුක්රේන අර්බුදය ප්‍රධාන වශයෙන් යුරෝපීය ආරක්ෂක ගැටුම්වල දරුණු පිපිරීමකි. සීතල යුද්ධයෙන් පසු නේටෝ සංවිධානය අඛණ්ඩව නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම එහි සාධකයක් බව හෙතෙම පැවසීය. සීතල යුද්ධය පිළිබඳ චින්තනය අත්හැර දමා ගැටළු ඇති කරන්නෙකු නොවී ලෝක සාමය හා ස්ථාවරත්වය උදෙසා ක්‍රියා කරන ලෙස චීනය නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත. 

එක්සත් ජාතීන්ගේ ධජය යට එකමුතුව සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කරන ලෙසත්, නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කරන ලෙසත් චීනය සියළු සාමයට ලැදි රටවල්වලින් ඉල්ලා සිටී. එමෙන්ම, පොදු ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසත්, පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන ලෙසත්, පොදු අනාගතය නිර්මාණය කරන ලෙසත් චීනය අදාළ රටවල්වලින් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම