36වැනි අප්‍රිකානු සංගමයේ නායක සමුළුවට ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි
2023-02-18 18:29:49
Share with:

36වැනි අප්‍රිකානු සංගමයේ  නායක සමුළුව වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

ගෙවී ගිය වසරක් තුළ අප්‍රිකානු සංගමයේ ප්‍රමුඛත්වය යටතේ අප්‍රිකානු රටවල් ගෝලීය අභියෝගයන්ට සක්‍රීයව ප්‍රතිචාර දක්වමින් කලාපීය නිදහස් වෙළඳ සංවර්ධනය කඩිනම් කිරීමට හැකි වූ බව ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත. එසේ ම අප්‍රිකානු සංගමය සිය කලාපීය උණුසුම් ගැටළුකාරී අවස්ථාවලදී වැදගත් මැදිහත්වීම් ඉටු කර තිබේ. අප්‍රිකාවේ ජගත් බලපෑම් ශක්තිය හා ස්ථානය ඉහල නැංවීමට ද එමඟින් සමත්විය. අප්‍රිකානු රටවල් හා ජනතාව සංවර්ධන මාර්ගයේදී අඛණ්ඩව වඩාත් විශාල ජය දිනා ගනු ඇතැයි හෘදයාංගමව අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

වසර 2022කේ චීන අප්‍රිකානු සහයෝගතා පූර්ණ හා බහුවිධ ලෙස, ඉහල ගුණාත්මකභාවයෙන් යුක්තව ඉදිරියට වර්ධනය විය. අප්‍රිකාව සමග ජගත් සහයෝගතාවයේදී චීන අප්‍රිකානු සබඳතාව ඉදිරියෙන් පවතී. අප්‍රිකානු රටවල නායකයින් සමග එක්ව ද්විපාර්ශ්වික මිත්‍ර සහයෝගතා සහ ජාත්‍යන්තර හා කලාපීය කටයුතු තුළ සම්බන්ධීකරණය පුළුල් කරමින් ඉහල මට්ටමේ ‘පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා ප්‍රජාව’ ගොඩනැගීමට තමා කැමති බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම