ජර්මන් චාන්සලර් සහ වං යී මහතා අතර හමුවක්
2023-02-18 16:59:37
Share with:

ජර්මන් චාන්සලර් Olaf Schultz මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා හමුවෙයි.

එම හමුව ඊයේ(17) ජර්මනියේ Munich නගරයේ පැවති 59 වන Munich ආරක්ෂක සමුළුව අතර තුර සිදු විය.

චීනය වසංගතයේ බලපෑමෙන් සාර්ථකව මුදවා ගෙන ඇති අතර චීන ආර්ථීකයේ ශක්තිමත් පුනරුදයක් පෙන්නුම් කර ඇතැයි වං යී මහතා පැවසීය. ජර්මනිය හා යුරෝපය සමඟ නොයෙකුත් ක්ෂේත්‍ර හුවමාරු යළි ආරම්භ කර අන්‍යෝන්‍ය ජයග්‍රහණ උදෙසා සහයෝගතා ව්‍යාප්ත කිරීමටත්, දෙරට අතර අවබෝධය පුළුල් කර ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය. චීන ජර්මන් සහයෝගිතාව අඛණ්ඩව ලෝකයේ ඉදිරියෙන් පවත්වා ගෙන යාම සඳහා, නව වටයේ අන්තර් රාජ්‍ය සාකච්ඡා සඳහා සූදානම් වෙමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සංවර්ධන සැලසුම සකස් කළ හැකි යැයි වං යී මහතා අපේක්ෂා පළ කරයි. චීනය හා ජර්මනිය බහුපාර්ශ්විකවාදය හා නිදහස් වෙළඳාමට අනුබල දිය යුතුය. එමෙන්ම දෙරට සබඳතා අත්හිටුවීමට විරුද්ධ විය යුතු අතර ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි ස්ථාවරත්වය සහතික කළ යුතු යැයි ද වං යී මහතා පැවසීය.

ජර්මනිය, චීනය සමඟ වෙළඳ සබඳතාව ස්ථිර ලෙසින් ප්‍රවර්ධනය   කරන අතර ඕනෑම ආකාරයක සබඳතා අත්හිටුවීමකට විරුද්ධ වන බව ජර්මන් චාන්සලර් Schultz මහතා ප්‍රකාශ කළේය. ශක්තිමත් ජර්මන් - චීන සබඳතාව හා වෙළඳ සහයෝගතාව ලෝක ස්ථාවරත්වයට හා සමෘද්ධියට ඉවහල් වන බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම