දුම්රිය රැසක් එකම අවස්ථාවක පීලිපැනීම පිළිබඳව ඇමරිකානු වැසියන්ගේ බියසැක පළ වෙයි
2023-02-17 10:42:25
Share with:

‘ දුම්රිය රැසක් එකම අවස්ථාවක දී පීලිපැනීමට ලක්වීම සාමාන්‍යයෙන් සිදුවිය නොහැකි දෙයකි. කෙසේ හෝ යම්කිසිවක්  සිදුවන්නට ඇති ’ යනුවෙන් ඇමරිකානු ජනතාව සමාජ මාධ්‍යයන් හි  බියසැක මුසු අදහස් පළක‍රති. ‘විෂ රසායනික ද්‍රව්‍ය’ රැගත් දුම්රියක් එරට Ohio ප්‍රාන්තයේ දී පීලිපැනීමේ සිද්ධිය මුල්කර ගනිමින් ජනතාව මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ. මීට සමගාමීව, Texas හා South carolina ප්‍රාන්තවල ද දුම්රිය පීලිපැනීමේ සිද්ධි වාර්තා වී ඇත.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා මාස 2කටත් අඩු කාලයක් තුළ, ඇමරිකාවේ දුම්රිය පීලිපැනීම් 10කට වැඩි සංඛ්‍යාවක් සිදු ව ඇතැයි එරට Newsweek සඟරාවේ වෙබ් අඩවිය වාර්තා කරයි. ඇමරිකාව පුරා වාර්ෂික ව  දුම්රිය පීලිපැනීමේ අනතුරු 1700ක් පමණ සිදුවීම කැපීපෙනෙන කරුණකි. මේ අතර, එරට ප්‍රවාහන අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙන්නේ, සෑම වසරකම මෙට්‍රික් ටොන් මිලියන 4.5ක විෂ රසායනික ද්‍රව්‍ය දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන බවයි. එසේම, දෛනිකව නගර හරහා ධාවනය කෙරෙන, අනතුරුදායක ද්‍රව්‍ය රැගත් දුම්රිය ඇතුළු පීලිමත දිවෙන වාහන සංඛ්‍යාව 12 දහසකට අධිකය.

Ohio ප්‍රාන්තයේ මෙම සිදුවීම, බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත පෙන්වා දී ඇත්තේ ‘අනතුරු ඇඟවීමක්’ ලෙසයි. ඇමරිකාවේ දුම්රිය සංවර්ධන ක්‍රමවේදයේ පවතින අර්බුද එමගින් අනාවරණය වී ඇත. ආර්ථික වාසි පමණක් හඹායමින්, රට පාලනය කිරීම පිළිබඳව නිසි නොසැලකිල්ලක් නොදැක්වීම  ද ඉන් මනාව පිළිඹිබු වෙයි.

ඇමරිකානු දේශපාලනඥයන්ට පැවරී ඇති වගකීම, රටේ සමස්ත පැවැත්මට අදාළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නිසිලෙස ක්‍රියාවට නැංවීමයි. නොඑසේ ව, යටිතල පහසුකම් සහතික කිරීම සඳහා වෙන්කෙරෙන පිරිවැය උසස් පෙළේ නිලධාරීන්ගේ ආදායම් බවට පරිවර්තනය කරගැනීම නොවේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම