රටට අවශ්‍ය මිරිස් රට තුළම වගා කළ හැකි ප්‍රභේද දෙකක් සොයා ගැනේ
2023-02-17 15:19:23
Share with:

ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රට තුළ  නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මහ ඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2  සාර්ථක වීම නිසා මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ. 

එම මිරිස් ප්‍රභේද දෙක  කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත්, ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.










ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම