තායිවාන ප්‍රදේශයට ආයුධ අලෙවි කරන සමාගම් දෙකකට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්
2023-02-17 10:38:12
Share with:

"විශ්වසනීයත්වය තහවුරු කළ නොහැකි ඒකක ලැයිස්තුව"  භාවිත කිරීම හේතුවෙන්, තායිවාන ප්‍රදේශයට ආයුධ අලෙවි කරන සමාගම් දෙකකට සම්බාධක පැනවීම පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශය කරුණු විග්‍රහ කරයි.  ඒ, ඊට අදාළව පැවති මාධ්‍ය හමුවක දී ය.

තායිවාන ප්‍රශ්නය, චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර,  මූලික අයිතිවාසිකම් කෙරෙහි දැඩිව සැලකිලිමත් වන චීනය කිසිදු බාහිර අතපෙවීමකට අවසර නොදන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් එහිදී අවධාරණය කළේය.

"විශ්වසනීයත්වය තහවුරු කළ නොහැකි ඒකක ලැයිස්තුවේ රෙගුලාසි" පිළිබඳ විෂය පථය ඉතා සීමිත වේ. නීති-විරෝධී විදේශීය ආයතන ස්වල්පයක් වෙනුවෙන් එම විෂය පථය පුළුල් නොකරන බව ද එම ප්‍රකාශකයා පෙන්වා දී තිබේ.

චීනය සෑමවිටම ක්‍රියාකරන්නේ ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලවයි. එසේම, ලෝක වෙළඳ සංවිධානය නියෝජනය කරන බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට හා නිදහස් වෙළඳාමට චීනය නිරතුරුව සහය දක්වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම