Boao සංසදයේ වාර්ෂික ආසියානු සමුළුව මාර්තු මාසයේ දී
2023-02-17 10:47:00
Share with:

Boao සංසදයේ වාර්ෂික ආසියානු සමුළුව ලබන මාර්තු 28 වැනිදා සිට 31 වැනිදා දක්වා Hainan පළාතේ Boao හිදී පැවැත්වේ. මෙවර එහි තේමාව "අවිනිශ්චිත ලෝකයක්, සමගිය සහ සහයෝගිතාව තුළින් අභියෝගවලට මුහුණ දීම, විවෘතභාවය සහ අන්තර්ග්‍රහණය ඔස්සේ සංවර්ධනය නැංවීම" යන්නයි.

මෙවර සමුළුව සම්පූර්ණයෙන්ම මාර්ගගත නොවන  ආකාරයෙන් පැවැත්වේ. ‘සංවර්ධනය හා විශ්වීය ප්‍රතිලාභ, පාලනය හා ආරක්ෂාව, කලාපීය හා ගෝලීය තත්ත්ව සහ වර්තමානය හා අනාගතය’ යන තේමා හතර කෙරෙහි මෙවර සමුළුවේ අවධානය යොමුවෙයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විවිධ රටවල දේශපාලන, ව්‍යාපාරික, ශාස්ත්‍රීය සහ මාධ්‍ය ක්ෂේත්‍රවල නියෝජිතයන්ට ඇරයුම් කෙරේ. පශ්චාත් වසංගත අවදියේ සංවර්ධන සැලසුම් මෙන්ම ජාත්‍යන්තර සමගිය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු  ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම