ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා නොහැර වගකීමෙන් ක්‍රියා කළ යුතුයි
2023-02-17 19:02:34
Share with:

අසල්වැසි රටවල්, අදාල පාර්ශ්වයන්, හා ජගත් ආයතන සමග පූර්ණ සාකච්ඡා පැවැත්වීමට පෙර ජපානය හිතාමතාම න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා නොහැරිය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව ප්‍රකාශ කළේය. එම බැරෑරුම් ගැටළුව කෙරේ අඛණ්ඩ අවධානය යොමු කරන ලෙසත් වගකීමෙන් න්‍යෂ්ටික දූෂිත ජලය හැසිරවීමට ජපානය පොළඹවන ලෙසත් ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කීය. Fukushima දූපතේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමෙන් සාගර පරිසරය හා ජෛව පද්ධතියට හානි වන අතර විවිධ රටවල ජනතාවගේ සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් එල්ලවනු ඇත. ඒත් ජපානය දැනට දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ කටයුතු කඩිනම් කරමින් පවතින බවත් එය ඉතා වගකීම් විරහිත ක්‍රියාවක් බවත් වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම